Kadawara Yahana - සමන් දෙවියෝ

සමන් දෙවියෝ

ඈත අතීතයේ සිටම සිංහල බෞද්ධ ජනතාවගේ ඉමහත් හරසරයට පාත්‍ර වුණු නියම බෞද්ධ දෙවි කෙනෙක් වශයෙන් සැලකෙන සමන් දෙවියන් සබරගමුව පළාතට හා සමනළ කන්දට අධිපති ප්‍රධානතම දෙවියන් වශයෙන් සැලකේ.උන් වහන්සේ දක්ෂිණ ලංකාවේද ඉතාමත්ම ජනප්‍රිය දෙවි කෙනෙක් වශයෙන් සැලකේ.ශ්‍රී පාද කන්ද හෙවත් සමනළ කන්ද සමන් දෙවිඳුන්ගේ වාස භවනය වේ.එම නිසා මෙයට සමත්ත කූඨය හා සුමන දෙවිඳුන්ගේ වාස භවනය වේ.එම නිසා මෙයට සමන්ත කූඨය හා සුමන කූඨය යන නාමයන්ද යෙදේ.සමනළ කන්දේ ප්‍රධානතම ආරක්ෂකයා වන සමන් දෙවිඳුන්ගේ ප්‍රධානතම දෙවොල පිහිටා ඇත්තේ රත්නපුරයේ ය.රත්ත්නපුර මහා සමන් දේවාලය යනු එම ප්‍රධානතම දෙවොලයි.

සමන්තුරය දීඝවාපියට සමීපව පිහිටි ප්‍රදේශයකි.මෙම ප්‍රදේශයේද සමන් දෙවිඳුන්ට සම්බන්ධ ප්‍රදේශයක් වශයෙන් සැලකේ."තරෙයි" යනු තොටුපලයි.ඒ අනුව සමන්තුරෙයි යනු සමන්ගේ තොටුපල වේ.මෙය කෙලෙස අර්ථ කථනය දැක්වූවත් මෙම ප්‍රදේශයේද සමන් දෙවිඳුන් ජනප්‍රියව සිටි බව පැහැදිලි වෙයි.බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩි ප්‍රථම ගමනේ දී උන්වහන්සේ මහියංගනයට වැඩම කළ බව ඇසූ සුමන දෙවි ප්‍රධාන පිරිසක් එහි ගොස් බුදු බණ අසා සෝවාන් ඵලයට පැමිණියහ.අනතුරුව බුදුරජාණන් වහන්සේගෙන් පූජාවට අනර්ග වස්තුවක් ඉල්ලා සිටි අතර බුදු රදුන් සමන් දෙවියන්ට කේෂධාතු මිටක් ලබා දුන්හ.

සමන් දෙවියන් එම කේශධාතූන් නිදන් කොට එදා මහියංගන පුදබිමේ බුදුරජාණන් වහන්සේ වැඩහුන් ස්ථානයේ සත් රියනක් උස දාගැබක් ඉදි කළේය.ඒ අනුව ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද ප්‍රථම චෛත්‍ය වශයෙන් ඉතිහාසයට මෙම මහියංගන චෛත්‍යය එකතුවිය.එම මුල්ම චෛත්‍යය නිර්මාපකයා වශයෙන් සෝවාන් ඵලය ලැබූ ප්‍රථම දෙවියා වශයෙනුත් සිංහල බෞද්ධ දෙවියෙකු වශයෙනුත් සමන් දෙවිඳුන් දේශයේ බොදු දනන් අතර ඉමහත් හරසරයට ලක් වී සිටිති.කෙසේ වෙතත් සමන් දෙවිඳුන් පිළිබඳව විවිධ මත දක්නට ලැබේ.

බුදුරජාණන් වහන්සේ ලක්‌දිවට වැඩි සමයේ සමනල කඳු අඩවියේ විසූ මහා බලැති දැහැමි රජතුමකු බව එක්‌ මතයකි. සමන්ත භද්‍ර නම් බෝධිසත්ත්වයන් වහන්සේ සමන් දෙවියන් බව තවත් මතයකි.රාවණ සමයේදී මෙරටට පැමිණියය කියන රාමගේ සහෝදරයා වන ලක්ෂ්මන කුමාරයා බවටද පිළිගැනීමක් ඇත.රත්නපුර සමන් දේවාලයේ ඇති සෙල්ලිපියේද සමන් දෙවි යනු ලක්ෂ්මන් බව සඳහන්ව තිබේ.රත්නපුර මහ සමන් දේවාලය ලක්ෂ්මන දේවාලය යනුවෙන් ජනතාව හඳුන්වන්නේ මේ නිසාම වීමට පුළුවන.තවත් මතයක් නම් සුමන දෙවියන් බුදුරජාණන් වහන්සේ සමඟ දෙව්‍රම් වෙහෙරේ සිට ලංකාවට පැමිණියේ ජේතවනාරාම විහාර දොරටුවේ ආරක්ෂක දේවතාව වශයෙන් සිට බුදුන් දෙවන වර ලංකාවට වැඩම කරන විට උන්වහන්සේ සමඟ බව පෙනේ.

නමුත් සමනළ කන්දට අධිපති සමන් දෙවිදු බුදුරදුන්ගේ ප්‍රථම ලංකා ගමනේදී සම්මුඛ වී තිබේ.එම තොරතුරු අනුව බුදුන් සමඟ පැමිණි සමුනත් සමනළ කන්දට අරක්ගත් සුමනත් එකම අයෙකුමයී කීමට නොහැක.ධම්පියා අටුවා ගැට පදයේ කාලියක්ඛින්න කථාවස්තුවේ එන විස්තරයකට අනුව සමනළ කන්දේ සමන් දෙවියන් කලින් දෙවුරම් වෙහෙරේදී අරක් ගත් සමන් දෙවි බව සඳහන් කළ අවස්ථාවේ  බුදුරජාණන් වහන්සේ දෙවන වර ලංකාවට වැඩම කළ අවස්ථාවේ කිරිපලු රුකක් ගෙනා බවද දැක්වේ.සුමන ඊට පෙර ආත්මයක නාගදීපයේ බෞද්ධ උපාසකයකු වශයෙන් සිටි බව මහාවංශය දක්වයි.

සුමන යනු සබරගමු ප්‍රදේශයේ සිටි යක්ෂ නායකයකු බවට මතයක් ඇත.ආටානාටිය සූත්‍රයේ නම් කෙරෙන අට විසියක් යන සෙනෙවියන් අතර සිටින සුමන නම් යක්ෂ සේනාධිපතියෝ මෙම සුමන බව විස්තර කෙරේ.සෙනරත් පරණවිතාන මහතා සුමන යනු සමන් දෙවියන් යන බවට සැක කරන අතර බෙල් මහතා සමන් යනු මහායාන බෝධිසත්ව කෙනෙකු වශයෙන් සැලකෙන අවලෝතිකේශ්වර බව ප්‍රකාශ කර තිබේ.සමන් දෙවියන් කවරෙක් උනත් බොදු ජනතාවට උන්වහන්සේ හඳුන්වනුයේ බෞද්ධ දෙවිකෙනෙක් වශයෙනි.එම නිසා සමන් දෙවියන් බෞද්ධ ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍රව සිටී.

මතු බුදු බව පතන බෝධිසත්ත්වයකු මෙන් සලකන සමන් දෙවිඳුගේ හැඩ රුව සුදු පැහැති ශ්‍රී දේහයකින් යුත් එක්‌ අතකින් උපුල් මලක්‌ද අනිත් අතින් දුන්නක්‌ද දරා ස්‌වර්ණාභරණයෙන් සැරසී හිසෙහි ඔටුන්නක්‌ද පැළඳ සිටින මේ දෙවියන්ගේ වාහනයද සුදු ඇතෙකි. මහා බල පරාක්‍රමයෙන් යුත් ඉතා කාරුණික ශාන්ත දාන්ත නරයන්ගේ දුකට බෙහෙවින් පිහිට වන යකුන් දමනය කිරීමේ බල මහිමයකින් හෙබි අයකු බව යාග ශාන්ති කර්ම කාව්‍යයෙන් කියවේ.

එකොළොස්‌වැනි ශත වර්ෂයේ එනම් පළමුවැනි විජයබාහු රජ සමයේ එතුමා විසින් ගිලීමලය නම් ගම ශ්‍රී පාදස්‌ථානයට පූජා කර වන්දනා කිරීම පිණිස බැතිමතුන්ට පහසුකම්ද සලසා තිබේ. සිරිපා මළුවේ පැරැණි සමන් දේවාලය මහා පරාක්‍රමබාහු රජතුමා විසින් කරවන ලදී. භාතිය රජුගේ කාලයේදී හෝ නිශ්ශංක මල්ල රජුගේ කාලයේදී සිරිපා සටහන සොයාගෙන පුද පූජාවන් පැවැත්වීමට පටන්ගත් බව ජනප්‍රවාද කතාවලින් තහවුරු වේ. රත්නපුර මහ සමන් දේවාලය කරවන ලද්දේ  II වැනි පැරැකුම්බා රජුය. එතුමාගේ ආර්ය කාමදේව නමැති ඇමැතිවරයා මේ කාර්යභාරයට මුල්ව කටයුතු කර ඇත. නිශ්ශංක මල්ල, 1 රාජසිංහ, දෙවැනි විමලධර්ම සූරිය, නරේන්ද්‍රසිංහ, ශ්‍රී ජය රාජසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ යන රජවරුන් ශ්‍රීපාදස්‌ථානයට වන්දනා කිරීම පිණිස ගිය බවත් එහි නඩත්තුව සඳහා ගම්වර පූජා කළ බවත් මෙම ස්‌ථානයේ පූජනීයත්වය පුද පූජා සමන් දෙවියන්ට නොකඩවා කළ බවත් මහා වංශයේ සඳහන්ව ඇත. තුන් සරණය, හිමගත වර්ණනාව, සමනල හෑල්ල වැනි පැරණි ග්‍රන්ථවල සමන් දෙවියන් ඇදහීම පිළිබඳ විවිධාකාර වූ විස්‌තර ඇත.

සෑම වසරකම උඳුවප් පෝය මුල්කරගෙන සිරිපා සමය ආරම්භ වන අතර පළමුකොටම ඓතිහාසිකව මහ සමන් දේව ප්‍රතිමාව, ධාතු කරඬුව හා හින්දු දේව ප්‍රතිමාවද පෙරහරින් මහමළුවට වඩමවා එහි තැන්පත් කෙරේ. මෙම ඓතිහාසික සඳුන් මුවා මහ සමන් දේව ප්‍රතිමාව දෙවැනි පැරකුම්බා රජුගේ අගමැති දේවප්‍රතිරාජ ඇමැතියා විසින් ගම්පොලදී නිර්මාණය කළ බවට විශ්වාස කළහැකි තොරතුරු පූජාවලියෙහි සඳහන් වෙයි. සමන් දෙවියෝ ධර්මයේ බලය නියෝජනය කරති. ජනප්‍රවාදයට අනුව අධර්මයට එරෙහිව ධර්මය ක්‍රියාත්මක කරන තදබල දඬුවම් පවා ලබා දෙන දෙවියෙකු ලෙස සුමන සමන් දෙවියන්ගේ නම කියවේ. පෘතුගීසීන් විසින් පැරැණි සමන් දේවාලය විනාශ කර ඒ මත ශාන්ත සැල්වදෝර් නම් පල්ලියක් ගොඩනගන ලද නමුත් දෙවන රාජසිංහ රජතුමා එම පල්ලිය විනාශ කොට නැවතත් සමන් දේවාලය එහිම ස්ථාපිත කළ බව ඓතිහාසික වාර්තාවල සඳහන් වී තිබේ.

චීන ජාතික"Nyen hang" නම් නාවිකයා ලංකාවට පැමිණ ලංකා කන්දේ පිහිටුවා තිබෙන බෞද්ධ විහාරයට බොහෝ පූජා ද්‍රව්‍ය පිදූ බව ගාල්ලෙන් හමු වූ තෛ‍්‍රභාෂා සෙල් ලිපියෙහි සඳහන්ව තිබේ. මේ වනාහී සිරිපාද කන්ද බවට අනුමාන කිරීමට තරම් සාක්ෂි තිබේ. තවද සිරිපාද කන්ද, සිරිපතුල හා දෙවි දේවතාවුන් පිළිබඳ තොරතුරුද එන වාර්තාවල සඳහන්ව ඇති අතර 13 වන සියවසේ දී රටත් ශ්‍රී පාද කන්දත් එකම නමකින් හඳුන්වා ඇත. චීන ජාතික "Nyen hang" නාවිකයා ශ්‍රීපාද පද්මයට හා දෙවියන්ට පූජා පැවැත්වීමෙන් බලාපොරොත්තු වූයේ සයුරු තරණයේදී ආරක්ෂාව ලබා ගැනීම බව එම මූලාශ්‍රවල සඳහන් වී ඇති බැවින් සමන් දෙවිඳුන් පිළිබඳ දේශිය වාර්තාවල නොදුටු පැත්තක් එහි ඇතුළත් වේ.

කෝට්‌ටේ රාජ්‍ය සමයේ සමන් දෙවිඳු සතරවරම් දෙවියන්ගෙන් එක්‌ අයකු බවට පිළිගෙන බැතිමතුන් ඉමහත් භක්‌ත්‍යාදරයෙන් වැඳුම් පිදුම් කර ඇත. සබරගමු පළාතේ වැසියන් බහුල වශයෙන් සමන් දෙවියන්ට පුද පූජාවන් තබයි. සබරගමුවේ ධන නිධානයක්‌ වන මැණික්‌ ඉල්ලම් හෑරීමේදී, ගැරීමේදී ප්‍රථමයෙන්ම සමන් දෙවියන්ට පුද පූජාවන් පවත්වා බාර හාර වීමද ඔවුන්ගේ පාරම්පරික සිරිතක්‌ වේ. ඊට හේතුව සමන් දෙවියන්ට බාරහාර වීමෙන් ඔවුන්ට මැණික්‌ ලැබෙන බවට වූ විශ්වාසයන්ය.

කෙසේ නමුත් සිරිපාදයත් සමඟ දැඩි සබඳතාවක්‌ ඇත්තේ සුමන සමන් දෙවියන්ට ය. නමුත් සමන් දෙවියන් පැහැදිලිවම බෞද්ධ දෙවි කෙනෙක්‌ ලෙස කැපී පෙනේ. කලින් කලට එක එක ජනප්‍රවාදයන් සිරිපාස්ථානයත්, සමන් දෙවියන්ටත් එකතු වුවද සමන් දෙවියන් සබරගමු පළාතට පමණක් සීමා වෙන්ටත් විශේෂ හේතුවක්‌ වනුයේ සිරිපාදය බවයි. සමාජ විද්‍යාඥයන්ගේ අදහසත්. සිරිපාද වන්දනාව අදටත් සලකන්නේ ඉතා දුෂ්කර ගමනක්‌ විදිහටය. සමන් දෙවියන්ගේ ප්‍රධානම කටයුත්ත ඒ වන්දනා සමයට එතෙන්ට ඇඳෙන ජනතාව රැක බලා ගැනීමය. නැත්නම් ඔවුන්ට පිහිට වීම. ඒ හේතු කොටගනිමින් හාපුරා කියඅ, එහෙම නැත්නම් කිරිකෝඩුවෙන් සිරිපාදෙ යන අයට හුඟාක්‌ම කට පරිස්‌සම් කර ගන්ට කියන්නා  සේම සිරිපාදෙ හින්දු ආධිපත්‍යයක්‌ නැති බෞද්ධ ආධිපත්‍යයට නතු වූ පූජනීය ස්‌ථානයක්‌ බව බෞද්ධ ජනයාගේ මතයයි.

සිරිපාදය වැඩ සිටින සමන් දෙවියන්ගේ ප්‍රධානම දේවාලය තිබෙන්නේ රත්නපුර ප්‍රදේශයේය. මේ දේවාලය සාදා ඇත්තේ පරාක්‍රමබාහු රජතුමාගෙ සෙනෙවියෙක්‌ බව සඳහන් වේ. ඒ සමන් දෙවියන්ට කරපු බාරයක්‌ ඉෂ්ට කරන්නට බව කියවේ. පසු කාලෙකදි සතුරු ආක්‍රමණ එල්ල වූ අතර කෙසේ නමුත් අද රත්නපුරේ සමන් දේවාලෙට බාර වෙන්න බාරඔප්පු සිද්ධ කරන්ට ජනඟක්‌ එන බව ප්‍රදේශ වාසීන් පවසයි. රත්නපුරේ මැණික්‌ ව්‍යාපාරිකයො වගේම දරුවන් ප්‍රාර්ථනා කරන අයට, ඒ මව් පදවිය ලබා ගන්නටත් සුමන සමන් දෙවියන් පිහිට වෙන බවට විශ්වාසයක්‌ පැවත ඒ. සමන් දේවාලයට එන බැතිමතුන් සිරිපාදෙ කන්ද දෙසට නමස්‌කාර කර දෙවියන්ට පුද පූජාපවත් වයි.අදටත් නිවෙස් වල ඇද මිට්ටමහි හිස සමනළ කන්ද දෙසට දමා නිදාගන්නා බව වැඩිහිටියන් පවසයි.

සෑම වසරකම උඳුවප් පුන් පොහෝ දින ශ්‍රී පාද වන්දනා සමය ආරම්භ කරන්නේ ඊට කලින් දින සමන් දේව ප්‍රතිමාව සිරිපා මළුවට වැඩම කරවීමෙන් පසුවයි. ඇසළ සමයේ සමන් දෙවියන් වෙනුවෙන් සබරගමු මහ සමන් දේවාලයේ අත්‍යලංකාර පෙරහැරද පවත්වයි. සමන් දෙවියන්ට බාරහාරවීම්, පඬුරු බැඳීම් පහසුයි. අනිත් දෙවිවරුන්ට මෙන් නීති පද්ධතියක්‌ද නැත. තෙරුවන් නමැද බෝධි හා චෛත්‍යයන්ට පූජාවන් පවත්වා ඒ පින් සමන් දෙවියන්ට අනුමෝදන් කර බාරවීමෙන් සත්‍ය වශයෙන්ම තමාගේ බලාපොරොත්තු ඉටුවේ.

එමෙන්ම පුරාණ කාලයේ මන්ත්‍රවේදීන් මෙම සිරිපා වැඳීමට ගොස්‌ එම මළුවේ දැල්වෙන දොළොස්‌මහේ පහනෙන් තෙල් ගෙන එම තෙල් සුදුමල් යහනාවක්‌ හදා පුර පක්‌ෂයේ බුධ දිනක මල් 7 ක්‌ මත තබා පහත සඳහන් ගාථා පාඨයන් කියවා මන්තරයෙන් ජපකර තම ශරීර ආරක්‌ෂාවට, නිවසේ හතර කොන, මුදුන් යටලීයේ, මංගල උළුවස්‌ස මත තැන්පත් කර ඇත. එයින් අනවින කොඩිවින, භූත දෝෂ මළපෙරේත බැල්ම පහව යන බවද කොඩිවින වදින්නේ නැති බවද කියා ඇත. මෙම තෙල් ගැනීමට පෙර ශ්‍රී පා දෝවනය කළ යුතුව ඇත.

.

සම්බාකාර වරො පෙතං - චක්‌ක ලක්‌ඛණ මණ්‌ඩිතෙ

නාථදොaවාමි පාදෙතෙ - දෙව බ්‍රහ්මාධි වන්දි තො

(21 වතාවයි)

ජනානං වන්ද මානාන - පත්ථනා සාධදකං වරං

තථාගත පදං වන්දෙ - දෙවින් දෙහිපි වන්දිතං

ජනානං පූජමානා නං - ධුවං පණිධි සාධනං

පුප්ඵෙ නෙතෙන පූෙ-මි - තථාගත පදවරං

(මල් පිදීමට)

ජනා නං පූජමානානං - ධුවංපණිධි සාධනං

දීපෙනෙතෙන පූෙ-මී - තථාගත පදං වරං

(පහන් පූජාවට)

ජනානං වන්ද මානාං - ධුවං පණිධි සාධනං

ධජෙ නෙතෙ න පූෙ-මි - තථාගත පදං වරං

(කොඩි පූජා කරන්නට)

ජනානං වන්ද මානානං - ධුවං පණිධි සාධනං

ධූපෙනෙතෙන පූෙ-මි - තථාගත පදං වරං

(සුවඳ දුම් පූජා කරන්නට)

ජනානං වන්ද මානා නං - ධුවං පණිධි සාධනං

වත්ථෙ නෙතෙන පූෙ-මි - තථාගත පදංවරං

(වස්‌ත්‍ර පූජා කරන්නට)

මහියංගනං නාගදීපං කල්‍යාණං පදලාඤ්ඡනං දිවා ගුහං දීඝවාපී චෙතියඤ්ච මුතිංගනං තිස්‌ස මහා විහාරඤ්ච බෝධිං මරිච වට්‌ටියං සොණ්‌ණමාලි මහා චෛත්‍යං ථූපාරම භයාගිරිං ෙ-තවනංග සෙලචෛත්‍යං තථාකාචරගාමකං සොළසෙතානි ඨානාති අහං වන්දාමි මුද්ධනා. (සංක්‌ෂෙපව සොළොස්‌ මහා ස්‌ථාන වන්දනා මතයක සඳහා)

කල්‍යාණිතො ගගනතො මුනියත්ථ ගන්ත්වා

දස්‌සෙසි චක්‌ක වර ලක්‌ඛණ පාදලඤ්ඡං

ලංකා මහී වරවධු මකුටො පමානං

වන්දා මහෙ සුමන කූඨ සිළුච්ච යන්තං

යන්නම්මදාය නදියා පුලිනෙච තීරේ

යංසච්ච බද්ධ කගරිකෙ සුමනා චලග්ගෙ

යංතත්ථ යෝනක පුරේ මුනිනොච පාදං

තං පාදලා ඤ්ඡන වරං සිරසා නමාමි

අවසාන කර මේ ගාථාවත් කියා සමන් දෙවියන්ට පිං දෙන්නට

වාරණවාහණො සම්මා - සම්බුද්ධපද පූජතො

තෙඡස්‌සි සුමනො දෙවො - ඉදං පුඤ්නු මෝදතු

සම්බුද්ධ පාද වරලංඡන සොහිතමහි

වාසො සමන්ත ගිරි මුද්ධහි දෙවරාජා

පුඤ්නු මොදිය ඉදං සුමනාභිධානො

පාලෙ තුමං සතත සාත හිතා වහන්තො